IMG-LOGO

වන අලි පහරින් හිමිනමක් අපවත් වෙති

(ක.ග.කරුණාරත්න සහ ලයනල් සිල්වා)

පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ  සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලයට ආසන්නයේදී අද  (05) වන අලියෙකු පහරදීමෙන් හිමිනමක් අපවත්වී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂට පත්ව ඇත්තේ සෝමාවතිය සෑරදුන් වන්දනා කිරීම සඳහා ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සිට වැඩමකල ගිරිතලේ මෛත්‍රී නැමැති 40 හැවිරිදි හිමිනමකි.

මෙම ස්වාමීන්වහන්සේ ඇසල පුරපසලොස්වක පොහෝ දිනයේ  සෝමාවතිය පුදබිම වෙත වැඩමකර අද(05)අලුයම ආපසු පාගමනින්  සුංගාවිල දෙසට එමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතිබව පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ.

උන්වහන්සේගේ දේහය හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට අද (05)උදේ රැගෙන එනු ලැබීය.

පුලස්තිපුර පොලීසිය මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වයි.

 



අදහස් (2)

වන අලි පහරින් හිමිනමක් අපවත් වෙති

Senarath Wednesday, 05 July 2023 03:43 PM

උන් වහන්සේට නිවන් සුව අත්වේවා...!

:       1       15

ගමේ එකාලා Wednesday, 05 July 2023 05:51 PM

අලි නිකමටවත් සිරිකොත පැත්තේ, දියවන්නාව පැත්තේ යන්නේ නැති හැටි... ගම්වල අහිංසක මිනිස්සුන්ට නම් හිරිහැර කරයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site