IMG-LOGO

නිධන් සෙවූ 5ක් පොලිස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පුද පූජා පවත්වමින් කුඩා උඩුව හික්ගහ කන්ද  ප්‍රදේශයේ ගල් තලාවක් පුපුරුවා හැර නිධන් සෙවූ කණ්ඩායමේ සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන  පොලිසිය කියයි.

එම සැකකරුවන් පිරිස අතර  සුදුවතින් සැරසී ස්ත්‍රෝත්‍ර ගායනා කළ කපුවා ද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් සමග  ගල්තලාව පිරවීමට යොදාගත් සේවා නූල්  ,යාතිකා  කිරීමට යොදාගත් මල් පහන් පැල , සුවඳ කුඩු ,යකඩ ඉනි සවල් උදලු මෙන්ම මන්තර පොතක් ද පොලිස් බාරයට ගෙන ඇත.

එම ගල්තලාව අභ්‍යන්තරයෙහි  වසර 300 කට පෙර නිධන් කරන ලද රන් සෙම්බුවක් ඇති බවට ඉඩමේ හිමිකරුට හීනෙන් පැවසීමේ කතාවක් මුල්කරගෙන  පිරිස ගල පුපුරවා හැර එම රන් සෙම්බුව ගැනීමට උත්සාහ දරා තිබු බව පොලිසිය කියයි.

දීර්ඝ කාලයක සිට විශාල ගල් තලාව දිවා රාත්‍රී කාලයේ දී පුපුරුවා හැර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ  සහ කොළඹ ප්‍රදේශය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් හොරණ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

නිධන් සෙවූ 5ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site