IMG-LOGO

සුළගෙන් වේලාපුර විදුහලේ ගොඩනැගිල්ලක වහල ගැලවෙයි

(සුමිත් පොතුපිටිය )

කළුතර ප්‍රදේශයට අද පෙරවරුවේ හදිසියේ ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් කළුතර වේලාපුර විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලය විනාශවී ඇත.

මේ හේතුවෙන් එහි පංති හතරක සිසුවියන් 170 ක් පමණ ආරක්ෂිතව ඉවත් කිරිමට විදුහලේ පාලන අධිකාරීය කටයුතු කර තිබේ.

නවවන ශ්‍රේණියේ පංති තුනක් සහ දහවන ශ්‍රේණියේ පංතියක් එම ස්ථානයෙන් ඉවත්කර ප්‍රධාන ශාලාවේ රදවා ඇති අයුරු දැකගත හැකිවිය .

වහලයේ ඇස්බැස්ටෝස් දහයකට පමණ හානි සිදුව ඇති අතර, කිසිදු අයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදුහල්පති එස්.එන්.කොතලාවල මහත්මිය පැවසීය.

 



අදහස් (0)

සුළගෙන් වේලාපුර විදුහලේ ගොඩනැගිල්ලක වහල ගැලවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site