(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහේස්ත්‍රාත් අධිකරණ වල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා කරන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නඩු කල් යාම නිසා ආයෝජන අවස්ථා පවා අහිමි වන තත්ත්වයක් තිබෙන බවද අවශ්‍ය ආර්ථික නිදහස ලබා ගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධනය පමණකියි ද කාරියවසම් මහතා පැවසීය.

මේ වන විට විදෙස් ආයෝජන ඉතා පහළ තත්ත්වයකට පැමිණ තිබෙන අතර දේශීය ආයෝජකයන් පවා මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවල ආයෝජනය කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව සාගර කාරියවසම් මහතා කීය.