IMG-LOGO

මැෂින් ක්‍රියාකරුට අත අහිමිවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිල්ලනියේ මෙට්ට  නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට අත සිර වූ පුද්ගලයෙකු  බරපතළ තුවාල ලබා  අද (5) පෙරවරුවේ හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව කළුතර උතුර පොලිසිය කියයි.

අනතුරින් තුවාල වී ඇත්තේ  එම කර්මාන්ත ශාලාවේ මැෂින් ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන ගල්පාත යටවර හන්දිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

බරපතළ තුවාල ලද තරුණයා  නිෂ්පාදන කටයුතු කරමින් සිටිද්දී ඔහුගේ දකුණු අත එක්වරම  යන්ත්‍රය තුළට ඇදී ගොස් මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි . 

අනතුර සිදු වූ සැනින්  කර්මාන්තශාලා විසින් සේවකයන් විසින් තුවාල ලද තරුණයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

සිදුවූ අනතුරෙන් තරුණයාගේ දකුණු අත උරහිස  ප්‍රදේශය ආසන්නයෙන් ම වෙන් වී ඇති අතර  අතේ කොටස් යන්ත්‍රය තුළට ගොස් කුඩා කැබලි බවට පත්වී  නැවත අත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි ආකාරයෙන් විනාශ වී ඇති බව   පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රෝහල්ගත කළ තරුණයා ශල්‍යකර්මයට ලක් කිරීමට නියමිතව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

 

 

 



අදහස් (0)

මැෂින් ක්‍රියාකරුට අත අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site