IMG-LOGO

වරෙන්තුකරුවෙක් කොටුව පොලිස් මුරපොලට හානි කරලා

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිටකොටුව ඕල්කට් මාවතේ   බෝධිය පොලිස්මුරකුටිය තුළ පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා තර්ජනය කර මුරකුටියට    අතින් පයින් පහරදී  අලාභ  හානි කර පලායාමට උත්සහ කළ විවෘත වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු  ලබා සිටින ආදුරුප්පුවීදියේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයෙකි.
 
එහි  එහි පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා පලායාමට උත්සාහ කළ වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය පවසයි.

පිටකොටුව පොලිසිය් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු    හත් දෙනකුගෙන්  සමන්විත පොලිස් කණ්ඩායමක් ඊයේ (4) සවස  ඕල්කට් මාවතේ  අපරාධ මර්දන රාජකාරියේ නිරත වෙමින් සිටියදි මාර්ගයේ සැකකටයුතු ලෙස රැඳී  සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන  ඕල්කට් මාවතේ බෝධි අසල පොලිස් මුරකුටිය වෙත ගෙන ගොස් ඔහු පරික්ෂා කිරීමට සුදානම් අවස්ථාවේ සැකකරු එයට විරුද්ධ වී පොලිස් නිලධරීන් වෙත තහනම් පිහියක්  එල්ල කර  මුරකුටියේ විදුරු ජනේල වලට අතින් පයින් පහර දී අලාභ හානි කර පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට උත්සහ ගෙන ඇති බව  පොලිසිය පවසයි.

එහිදී පොලිස් නිලධාරීන් විසින් පරීශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර පොලිස් නිලධාරීන් වෙත තහනම් පිහියක් එල්ල කර තර්ජනය කිරීම, පොලිස් මුරකුටියට පහර දී අලාභ හානි කිරීම  යන වැරදි සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ස්ථානයට ගොස් ප්‍රශ්න කිරීමේ ඔහු විවෘත වරෙන්තුකරුවෙක් බවට අනාවරණය කරගෙන ඇත.

විදුරු වලට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරු කැපුම් තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් සැකකරු  පොලිස් ආරක්ෂාව වයතේ  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.  පිටකොටුව පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

වරෙන්තුකරුවෙක් කොටුව පොලිස් මුරපොලට හානි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site