IMG-LOGO

රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වෙලා

 (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල බොහොමයක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යන බව කුරුණෑගල  දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයේ තිබෙන ප්‍රශ්නයක් නිසා මේ අර්බුදය හටගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා ලේ මාරු කරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැඳවීම් කර තිබුණද එම ටෙන්ඩර් වල ප්‍රශ්න නිසා මාස ගණනාවක සිට අදාල යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට බිලියන 200ක් පමණ මුදලක් සෑම වසරකම වෙන් කරන නමුත්  වකුගඩු රෝගය වැළඳුණු රෝගීන්ට ලේ මාරු කරගන්න උපකරණ පිටින් ගේන්නැයි  පවසන බවද එලෙස පිටින් ගේන්න මිනිසුන්ට මුදලක් නැතැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසූයේ දයාසිරි ජයසේකර මහතා මතු කළ කතාවේ යම් ඇත්තක් තිබෙන බවයි.මේ ගැන  යම් අවස්ථාවල අධිකරණයෙන් පවා නියෝග ලැබී තිබෙන බවද අද හෙට වෙන විට ඒ  ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (2)

රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වෙලා

ravin Wednesday, 05 July 2023 11:53 AM

උත්තරීයැයි කියාගන්නා තැන ඉන්න උදවිය ජනතාවගේ රීරි මාංශය උරාබොන විදිහට මාරු කරන්න ලේ ඉතිරිවෙලා තියෙනවද?

:       0       1

සල්ලි Thursday, 06 July 2023 07:21 AM

පෙර රජවරු තමන්ගේ පුද්ගලික ධනය පරිත්‍යාග කලා මිනිස්සුන්ට . දයාසිරි උබට එහෙම බැරිද? කුලියාපිටියේ පොදු වැසිකිලිය එහෙම කොහොමද ? හොදට හදලා තියනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site