(රංජන් කස්තුරි)

රටේ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු යැයි ඔහු සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ දූෂිතයන් ආරක්ෂාකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය  රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව පැවැසීය. 

ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ගන්නවා. ඒ බව ඇමැතිවරයාත් දන්නවා. ඒත් ඔහු ඒවා නතර කරන්නේ නැහැ. වෙනත් කතා කියනවා ඖෂධවල ප්‍රමිතිය අඩුවීමට බෙහෙත් හිඟයට සෞඛ්‍ය ඇමැතිවරයා වගකිව යුතුයි.

ජාතික ඖෂධ අධිකාරියේ ලොක්කන් මිලියන තුන හතර අල්ලස් ඉල්ලනවා. එක කාමරයකින් කාමරයකට ලිපි ගොනුවක් ගෙනයෑමට රුපියල් 5000කවත් අල්ලසක් දෙන්න ඕනේ. මේවා නතර කරන්න ඇමැතිවරයාට නොහැකි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි.

බාල ඖෂධවලින් ඇස්වලට හානියක් වී ඇති රෝගීන්ට මහජන මුදලින් වන්දි ගෙවන්න ඉඩ දෙන්න බැහැ. එම සමාගම්වලින් මුදල් අරන් වන්දිය ගෙවිය යුතුයි.