(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නීති රීති අනුව අවම තොග පවත්වාගෙන යෑමට අපොහොසත් වූ රාජගිරිය ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම පිරවුම්හලේ හිමිකරු අවම තොග පවත්වාගෙන අපොහොසත් වීම මෙන්ම දින තුනක් තුළ කිසිඳු ඉන්ධනයක් නොතිබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව කී එම නිලධාරියා අදාල පිරවුම්හල ඉදිරි ඇනවුම් කර නොතිබුණු බව ද සඳහන් කළේය.
එම පිරවුම්හල සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් හෙට පැවැත්වෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd