වාරණ - ආනන්ද ඉ. ජයකොඩි, මීරිගම - පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
ඒ සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ද අන්තනගල්ල පොලීසිය සඳහන් කරයි.
විනිසුරුවරයා එම නිවෙසේ නොමැති බවත්, සේවකයන් පමණක් එහි සිට ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
නිවෙසේ අල්මාරියක තිබූ කුඩා සේප්පුවක් තුළ තිබී මෙම රන් භාණ්ඩ හා මුදල් අස්ථානගත වී ඇති බවට පොලීසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි, අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd