
(යොහාන් භාසුර)
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් ඇසළ පෝය නිමිත්තෙන් ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමයන් ප්‍රදර්ශනය කරන විශේෂ ප්‍රදර්ශනයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අද (3) පැවැත්විණි.
බුදුන් වහන්සේගේ ජීවිතය සහ ඉන්දියාවේ ප්‍රමුඛ බෞද්ධ වන්දනා ස්ථාන කිහිපයක වැදගත් කථාංග නිරූපණය කරන ඡායාරූප පෙළක් ප්‍රදර්ශනය කළ අතර ඉන්දියාවේ සියවස් ගණනාවක් පැරණි මූර්ති සහ කැටයම්වල ඡායාරූප ද ප්‍රදර්ශනය කළේය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ බෞද්ධ උරුමයන් පිළිබඳ එවැනි ප්‍රදර්ශන කිහිපයක් සංවිධානය කරන අතර මෑත කාලීනව මෙවර වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් පිළිවෙළින් සීමා මාලකයේ සහ හෝමාගම පොසොන් කලාපයේ පැවැත්වීය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ සහ ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. ගෝපාල් බග්ලේ මහතා ප්‍රදර්ශනය නැරඹූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd