(අංජුල මහික වීරරත්න, සනත් ගමගේ සහ දිලිප් ජයසේකර)
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද විපක්ෂයට පැවසීය.
අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුවේ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් අද (03) හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.
“අමරවිරු අභිමන් 32” සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නංවාලීම උදෙසා සහාය ලබාදුන් අයට සහ ගොවි ජනතාවට උපහාර තිළිණ පිළිගැන්වීම, ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සහ විශිෂ්ට ක්‍රීඩා කුසලතා දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් වෙනුවෙන් තිළිණ ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පිළිගන්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා අතින් ඒ මහතා වෙත ද උපහාර තිළිණක් පිළිගැන්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු ඔක්කොම එක පැත්තට යනවනම් හැමෝටම හොඳයි හොරු ඔක්කොම එක පැත්තට යනවනම් හැමෝටම හොඳයි.
සජිත් කියන්නේ කම්මලේ කිනිහිරේ තලලාවත් හදන්න පුළුවන් මිනිහෙක් නොවෙයි පට්ට පල් මෝඩයෙක් බව කියන කථා වලින් පෙනෙනවා.
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලසිටියත් සජිත් ප්‍රේමදාස නොපැමිණෙනු ඇත. සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති ගෝටාබය ගේ ඉල්ලීම පිලිගත්තේනම් ඔහුට ජනාධිපති වරයා වීමේ අවස්ථව උදා කර ගැනීමට හැකියාව තිබිණි. සත්‍ය වශයෙන්ම ඔහු ජනාධිපතිවරයාගේ පාලන ක්‍රියාදාමයන් සියල්ල විවේචනය කරමින් රට අරාජිකත්වයට පත්කර බලය ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටි. සජිත් තරුණ නායකයකු බව පවසා සිටියත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින සිටි අවස්ථාවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඔහු ඉදිරිපත් නොවිම නිසාම ඔහුගේ තරුණ නායකත්ව හැකියාවන් පමණක් නොව අබියෝග බාරගැනීමේ ශක්තියක් නොමැති බව මේවනවිට රටේ පුරවැසියන් අවබෝද කරගන සිටි. සජිත්ට, ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා සිටින අවසාන අවස්ථව වන්නට පුළුවන. මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරණයක් පවත්වන බවට FAKE NEWS ප්‍රචාරයක් ලබාදෙමින් සිටින්නේ විපක්ෂයද
ණය ප්‍රතිව්‍යුහගත කරන තැනටම රට ගෙනත් ඒක ඇතුලෙත් පැටිකිරිය මුන්ගේ.
ජනාධිපතිතුමනි, රජයේ අසාර්ථක වැඩපිළිවෙළ හෙතුවෙන් රට බංකොලොත් කරල එය වැඩකරන ජනතාවගේ කරපිටින් තැබීම සාර්ථක වැඩපිලිවෙලක් ද?
ඔබල සියල්ලම රටට බරක් උනා මිස රටට කරපු දෙයක් නොමැත. එමෙන්ම එවට විදවන්න වෙන කාලයත් වැඩි ඈතක නොවනු ඇත.
ඇපි නොඩන්න රනිල් ඔයා ජනතාව ප්‍රතික්ෂේප කරාට පසු ගෙදර යන්න කියපු 134 ගෙන් රටෙ මුල්පුටුවට ආපු බව අමතක වෙලා තිබුනට ඔය කාගෙ අතකොලුවක්ද කියන එකත් ජනතාව හොඳට දනි
ඔය සූස්තර පුංචා ගේ වැඩ දන්නේ නැති එකෙක් නෑ දැන් රටේ .මෙයාගේ කටින් බතල විතරයි .පිනට ජනාධිපති වෙලා ඉතුරු ටිකත් කාලා යන්න හදන්නේ .අවුරුදු 40 ගානක් පාර්ලිමේන්තුවේ හිටියලු .කරපු කෙහෙල්මලක් නෑ