IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දේශගුණ විශ්වවිද්‍යාලයට රුවන් කොත්මලෙන් ඉඩමක් බලයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් සකස් කර ඇත.

කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400 ත පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාර්කාවක ද නිතරව තිබේ.

ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇත. එරට විශ්ව විද්‍යාලවල සහාය ද දේශගුණ  විශ්ව විශ්වවිද්‍යාලයට  ලබා දෙන බව තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.

අක්කර 400 ක් පමණ වන මෙම ඉඩමට තවත් අක්කර 200 ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිතය. ජාත්‍යන්තර ප්‍රමීන්ට අනුව මෙම විශ්ව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත අතර නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ඉදිරියේදි මෙහි ඉදිවීමට නියමිත බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

දේශගුණ විශ්වවිද්‍යාලයට රුවන් කොත්මලෙන් ඉඩමක් බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 297 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site