(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගුවන් සේවය දිගටම පාඩුවුණා. එතකොටත් රජයේ මුදල් පොම්පකරා. ඔබතුමාත් සිවිල් ගුවන් සේවා ඇමැති හැටියට හිටියා. ඔයා කළ වැරැද්දට ඔයත් වන්දි ගෙවන්න ඕනෑ නේද?
ශ්‍රී ලන්කන් ගුවන්සේවය කාබාසිනියා කරපු රාජපක්ෂ හමුදාවටත්, ඔවුන්ගේ හෙංචයියන්ට ඩොලර් කෝටි ගණන් පඩිගෙවා, ලාබ ලබමින් තිබුණා. මේ ශ්‍රී ලාංකීය අභිමානය වලපල්ලට ඇද දැමූ මැදමුලන පරම්පරාවටම වැහි නැති හෙණ ඉල්ලා, රට පුරා දේවාලවල පොල්ගැසීමට ජනතාව ඉදිරියට පැමිණීමට කාලය පැමිණ තිබේ...!!!
විකුණලා කීයක් හරි හොයාගන්න මයෙ අම්මා... !
මොකක්ද මේ ප්‍රතිව්‍යුහගතේ කියන්නේ...? පා කරනවද? අවප්‍රමාණය කරනවද? වැඩේ හංගන විදිහට නම් මොකක්හරි ගිනි විජ්ජුම්බරයක් තමයි. රනිල්ටත් ගෝඨා ගිය විදිහටම ගෙදර යන්න වෙයිද?
මෙන්න මේවා කොහෙට හරි විකුණලා දාපල්ලා... මේ අය ගිය ගිය තැන හොරා කනවා. කොමිස් ගහනවා. විකුණන් කනවා.
රටේ ජනතාවගෙන් අරන් තියෙන ණය කපාහරින්න වගේ හදන්නේ...!