
(තිලකරත්න දිසානායක)
අස්වැසුම වැඩපිළිවෙලෙහි විරෝධතා සහ අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම ග්‍රාමීය කමිටුවලට බාර දීම සිදු කරමින් නියම පුද්ගලයින් සදහා ප්‍රතිලාභ ලබාදීම සුදුසු බවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා කෙරිණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කමිටු රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත්වූ අතර මීට අදාල චක්‍රලේඛයක් නිකුත් කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
ග්‍රාමීය කමිටුවලට අයත් ග්‍රාම නිලධාරීන් ඇතුලු සෙසු නිලධාරීන් අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න හොදින්ම දන්නා බැවින් නියම සුදුස්සන් හදුනාගැනීම කළ හැකි බවත් මේ අනුව දේශපාලනඥයින් කිසිදු ආකාරයකින් සම්බන්ධවීමක් ඇති නොවන බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසූ අතර අස්වැසුම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයිද කීය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා ඇතුලු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඒක චුට්ටක් හොඳයි... ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ව්‍යාපාර ලියාපදිංචි ලැයිස්තු සමග විශ්‍රාම වැටුප් ලේඛනය සමග සහ ප්‍රාදේශීය අමු දලු එකතු කරන බලපත්‍ර හිමියන්ගේ ලැයිස්තු අනුව රබර් වෙළෙන්ඳන්ගේ මිලට ගැනීම බිල් අනුව සමීක්ෂණයක් කලොත් මිලියන 3.3 න් 2.5 ක් වත් නුසුදුස්සෝ කියලා අයින් කරන්න පුළුවන්... මෙහෙම වැරැදි වුනේ අස්වැසුම ඉල්ලුම් පත්‍රය සැකසීමේ නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක් කියලා කියන්න පුළුවන්...
ඕකෙන් වෙන්නේ ගම්වල මිනිස්සු ඇණකොටාගන්න එක....
ඔය අස්වැසුම ප්‍රතිලාභීන් තේරීම සිදු කිරීමට නියමිතව තිබුණේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හරහා වුවත් ඒ සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ වගන්තියක් නිසා එම නිලධාරීන් එම කටයුත්තෙන් ඉවත්වුණා නේද? හැබයි එයාලාට තමයි මේ වැඩේ කරනවා නම් හරියට කරන්න පුළුවන්...