(රෝහණ චන්ද්‍රදාස )
අනුරාධපුර ඇතුළු රජරට කලාපයේ උණුසුම් කාලගුණයක් යළිත් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා අංශයේ වාර්තා අනාවරණය කරයි.
දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අද (30) දිනය වනවිට සෙල්සියස් අංශක 33 දක්වා ඉහළ ගොස් තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
කෙසේ වුව ද උතුරුමැද පළාතේ ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය වැසි තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි ද ඉදිරි දිනවල සුළු වර්ෂාවක් ඇතිවීමට ඉඩ ඇතැයි ද කාලගුණ අංශ සඳහන් කර තිබේ.
මෙවර යල කන්නයේ දී අනුරාධපුරයේ වගා බිම් සඳහා ප්‍රමාණවත් ජල සම්පාදනයක් ලබාදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එහෙත් ප්‍රධාන වැව් රැසක ජල ධාරිතාවයන් සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව අනුරාධපුර කලාප වාරිමාර්ග කාර්යාලයේ ඉංජිනේරුවෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd