IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විදුලි ගාස්තුව සියයට 14කින් අඩු කරයි

(යොහාන් භාසුර)

රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව හෙට (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) පැවසීය.

ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0ත් 30ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 65 කින් අඩු කළ බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කරමින් මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට 150 දක්වා අඩු කළ බවත් එම කොමිසම සඳහන් කරයි.

ඒකක 31 ත් 60 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 51.5 කින් අඩු කරමින් ඒකක මිල රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තු රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු කළ බව කී එම කොමිසම ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24.5 කින් ද අඩු කළ බව ද සඳහන් කරයි.

ඒකක 91ත් 120ත් කාණ්ඩයේ ගාස්තුව ඒකක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කළ බව ද කීය.

ආගමික ස්ථානවල ගාස්තුව සියයට 16 ක ගාස්තුව අඩු කළ බව කී එම කොමිසම අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට විදුලි ඒකකයක් රුපියල් 10 බැගින් ලැබෙන බව ද සඳහන් කළේය.

හෝටල් අංශය සඳහා සියයට 26.3 ක,  කර්මාන්ත අංශය සඳහා සියයට 9 ක, වාණිජ ගොඩනැගිලිවල සඳහා සියයට 5 ක සහ රජයේ ගොඩනැගි සඳහා සියයට 1 ක ගාස්තු අඩුවීමක් කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අද (30) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය එම්. ඒ. ආර්. එම්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්විය. 



අදහස් (3)

විදුලි ගාස්තුව සියයට 14කින් අඩු කරයි

dhamneth Friday, 30 June 2023 09:54 PM

ඒකක 120ට වඩා පරිභෝජනය කරන ඇත්තන්ට ලැබෙන සහනයත් ප්‍රකාශ කරන්න.

:       2       2

මැක්ස් Friday, 30 June 2023 11:53 PM

දුකම මාකට් කර රට අල්ලන්න උත්සාහ කරන ජවිපෙ බලකායට සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂ නඩයට යන එන මං නැති කරන ඇමති ඇතුලු රජයට අපගේ විරෝධය!

:       1       3

DineshSaturday, 01 July 2023 04:25 PM

300% කින් වැඩිකරලා, 14% කින් අඩු කළානේ... තවමත් කඩේ යන කාලකණ්ණින්ට හෙණ හතමයි ඉල්ලන්නේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 130 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site