
(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තම මතය නොකියන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මිලියන 57 ක් වන තැන්පත්කරුවන් වෙනුවෙන් එම ප්‍රකාශය කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඔවුන් ඉල්ලා අස්වුවහොත් පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට අලුත් අය පත් කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි කීය.
විපක්ෂය කියන්නේ තැන්පතු කරුවන්ට තවත් බදු පනවන්න කියාදැයි ප්‍රශ්න කළ අබෙිවර්ධන මහතා එවැන්නක් කෙලින් කියනවා නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරනු ඇති බව පැවසීය.
EPF සහ ETF අරමුදල් වල පොලී අනුපාතය 9% ක් විය යුතු බවට 2020, 2021, 2022 වසරවල තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවද එකල කැබිනට් මණ්ඩලයේ සිටි ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අය අද මෙය වැරදි බව ප්‍රකාශ කිරීම උභතෝකෝටිකයක් යැයිද අබෙිවර්ධන මහතා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන මූල්‍ය බලය දේශපාලනය සඳහා භාවිතා නොකළ යුතුයැයිද එසේ කළහොත් මුලු රටක්ම විනාශ වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
උද්ධමනය අඩු වෙන විට තැන්පත්කරුවන් සියලු දෙනාටම එහි වාසිය ලැබෙන බවද බංකොලොත් රට ගොඩ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කරන විට කිසිඳු සැලැස්මක් නැති අය එහෙන් මෙහෙන් කොටස් අරගෙන පහරදී සැලැස්ම කඩකප්පල් කළහොත් රට නැවත වරක් කඩා වැටෙනු ඇතැයි ද කී අබෙිවර්ධන මහතා ඒ නිසා සියලු දෙනා රටේ මූල්‍ය තත්ත්වය ගැන තේරුම් ගැනීම වැදගත් යැයි ප්‍රකාශ කළේය.
යම් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමෙිදී ජාතික එකඟතාවයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පුන පුනා කියන්නේ ඒ නිසා බවද ආර්ථිකය සම්බන්ධයෙන් ද ජාතික එකඟතාවයක් අවශ්‍ය වන අතර දේශපාලනය රටේ ආර්ථිකයට අගතියක් නොවී වෙන ආකාරයකට කළ හැකි බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී එස් සේනානායක මහතා බිහිකළ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයකුට එල්ල වූ පළමු චෝදනව නාගහනන්ද මහතා ඔබට කරන්නා වූ චෝදනාවලට පිළිතුරක් ලබාදෙන්න...
හරියට හරි... නායකයාට බයේ තම මතය කියන්න බැරි ගොබ්බයින් පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. තම මත ප්‍රකාශ කිරීමේදී මොවුන්ගේ බුද්ධි මටටම අපිට තේරුම් ගන්න පුළුවන්...
මහජන ඡන්දයකින් පත් නොවුණු පින් මන්ත්‍රීලා ඉවත් වෙන්න ජනතා ප්‍රසාදය සහිත නියෝජිතයෙකුට අවස්ථාව දීලා...
මේක මාර රටක් වෙන්නයි යන්නේ. ඡන්දෙන් පැරැදිලා කුණුකූඩේට වැටිලා හිටපු උන්දැලා යන්තම් ලැයිස්තුවෙන් රිංගගෙන දැන් අනිත් උන්දැලාට අරහෙම කරපං, මෙහෙම කරපං කියලා රේගුලාසිත් දාන්න පටන් අරන්. අනේ මන්දා විනාශ කලේ විපරිත බුද්ධිය කිව්වාලු...
තෙල් බේරෙන මූණ . අපිත් ආසයි MP ලා වගේ හොදට කාලා බීලා ඉන්න. සැප වැක්කෙරෙනවා.
ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ මොකක්ද කියලවත් නොදැන මොන මත ඵලකිරිල්ලක්ද? අනික ඔව්වට හා හූ කියලා ආයෙත් ගෙවල් ගිනි තියන්න කවුද කැමැති...?
දකුණු ලකේ පිංගොට්ටා පැරදීලා ගෙදර ගියා... පිං ජනපති ඉන්න නිසා බක බක ගානවා ගෙම්බා...