(අංජුල මහික වීරරත්න)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවත් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd