(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ දින තුනකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (30) තීරණය කළේය.
මේ අනුව පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා අඟහරුවාදා රැස් නොවනු ඇත.
එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පනත් 7 වැනිදා සිකුරාදා විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ( 30 ) පස්වරුවේ රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd