(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (30) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් ද, සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 7 කින් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 2 කින් ද, අඩු කළ බවත් ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 165 කට, සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 168 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 135 කට ඕනෑම ලංකා සතොස අළෙවිසැලකින් මිලදී ගත හැකි බවත් එහි ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මාතර සතොසකින් නාඩු හාල් ගෙන ගියා. ඒවා පිසුව පසු ඇත්තේ කැකුළු සහල් පිසුවිට ඇති ආකාරයෙනි. හරියට නියමිත ආකාරයට සහල් තැම්බීමේ ක්‍රියාවලියට ලක් වෙලා නැති බවයි පෙනෙන්නේ. බත තියා ගන්න බැහැ. ඉක්මනින් කුණු ගඳ හමනවා. විශ්වාස නැතිනම් ලගම තියෙන සුපිරි වෙළඳ සලෙන් රු.220 තියෙන නාදු සහල් ගෙන ගොස් පිස බලන්න වෙනස පෙනේවි.