(යොහාන් භාසුර)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල බුලවායෝහිදී අද (30) සහභාගි වූ පළමු තරගයේදී නෙදර්ලන්තය ලකුණු 21 කින් පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලකක්ය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 40 කදී ලකුණු 192 කට සීමාවිය.
මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබූ ජයග්‍රහණය නැවත හරහා ගත්තේය.
ධනංජය ද සිල්වා අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 111 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 93 ක් රැස්කරමින් තගරයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ආවේය.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හතර ලකුණු 34 කට බිඳවැටීමෙන් ඉනිම අඩපණ විය.
ශ්‍රී ලංකා පිල ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 213 (දිමුත් කරුණාරත්න 33, ධනංජය ද සිල්වා 93, වනිඳු හසරංග 20, මහීෂ් තීක්‍ෂණ 28, ලොයන් වෑන් බී්‍රක් 26/3, බාස් ඩී ලිඩේ 42/3) නෙදර්ලන්ත පිල ඕවර 40 කදී සියලු දෙනා දැවී 192 (වෙස්ලි බැරිසි 52, බාස් ඩී ලිඩේ 41, ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 67, මහීෂ් තීක්‍ෂණ 31/3, වනිඳු හසරංග 53/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd