(නිමන්ති රණසිංහ)
කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කර බැහැර කරන ලදැයි කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ ලිපිකරුවන් දෙදෙනා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30 )නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පන්නිපිටිය දේවාල පාර පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ රසික බණ්ඩාර වීරසිංහ සහ මිහිඳු මාවත පන්නිපිටිය පදිංචි සම්පත් කුමාර ප්‍රියසාද් නමැති කොළඹ මහාධිකරණ ලේඛනාගාරයේ සහ නඩු භාණ්ඩ කාමරයේ සේවය නියුතුව සිටි ලිපිකරුවන් දෙදෙනෙකි.
මෙම සිද්ධියට අදාලව තවත් ලිපිකරුවත් කු අත්අඩංගුවට ගැනීමට සිටින බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
හෙරොයින් සිද්ධියකට අදාළව රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීම සඳහා අධිකරණයට ලබාදී තිබූ නඩු භාණ්ඩයක කවර දෙකක් මෙහි ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම ආයතනයේම ලිපිකාරිනියක විසින් ප්‍රධාන රෙජිස්ටර්වරයාට ඒ බව දැනුම් දී ඇති බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිද්ධියට සම්බන්ධ එක් තරුණයෙකුට නිකරුණේ හිරේ යන්න වෙලා...නීතීඥ කෙනෙකු සහ සේවිකාවක අතර රහස් සම්බන්ධය දන්නේ ඔහු නිසා...