(තිලක් රාජපක්ෂ)

දුම්මලසූරිය පලුගමුව ෆයිබර් කොහු කර්මාන්ත ශාලාවක් අද (30) දහවල් ඇති වූ ගින්නකික් එම කොහුමෝල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි  පොලිසිය කියයි.

වාහනයක දුම්බටයකින් පිට වූ  ගිනි කැබැල්ලකින් මෙම ගින්න මූලික හේතු වී ඇති බව පොලිසිය සැකකරයි.

මෙම ගින්නෙන් එම වැඩ බිමේ තිබූ ලොරි රථයක් ද බරඋසුලන යන්ත්‍රයක්ද ගිනිගෙන දැවී ඇත.

දුම්මලසූරිය පොලිසිය, උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහායෙන් හලාවත නගර සභාවේ ගිනි නිවෙන ඒකක  මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියි.

දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.