කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති අත් අඩංගුවට අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 10 May 2023
දැරියකට කාමරයක් දුන් ලැගුම්හල් හිමියා රිමාන්ඩ් බාලවයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා සමඟ රැයක් ගත කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක කළමනාකරුවකු සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (10) නියම කළේය. 10 May 2023
අයි.එම්.එෆ් නියෝජිතයෝ පිරිසක් හෙට දිවයිනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් හෙට (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. 10 May 2023
වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ උප පොලිස් පරීක්ෂක තනතුරට 2013දී බඳවා ගත් පොලිස් නිලධාරීන්ට වසර දහයකට අධික කාලයක් තිස්සේ තවමත් එම තනතුරේම රාජකාරී කිරීමට සිදුව ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ. 10 May 2023
උතුරේ වින්දිතයනට දේශපාලනය හරස් වෙලා උතුරේ පැවැති සන්නද්ධ ගැටුම් හේතුවෙන් වින්දිතයන් වූ පුද්ගලයනට යුක්තිය ඉටු කිරීමට ඇති විශාලතම බාධකය වී ඇත්තේ ඊට දේශපාලන කැපවීමක් නොමැති බව යැයි දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත. 10 May 2023
බැලුම්මහර 13 හැවිරිදි දැරියක් අතුරුදහන් බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 13න් හැවිරිදි දැරියක් නිවසින් අතුරුදහන්ව ඇතැයි ඇගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය සදහන් කරයි. 10 May 2023
වෘත්තීය පුහුණුවේ වැඩ කෝප් කමිටුව පට්ට ගහයි වෘත්තීය පුහුණු අධිකාරියේ රේඛීය අමාත්‍යංශය වන අධ්‍යාපන අමාත්‍යංශය එම අධිකාරියේ කටයුතු නිසි ලෙස නිරීක්ෂණය කර නැතැයි කෝප් සභාපතිවරයා චෝදනා කළේය. 10 May 2023
අයි.සී.සී. උප සභාපති කවාජා සාගල හමුවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවිය. 10 May 2023
ඉම්රාන් ඛාන් දින අටක් රඳවා ගන්න අවසර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබාදුන්නේය. 10 May 2023
මුහුණු පොතේ දරුවන්ට කැත වැඩක් කළ ලිපිකරුවෙක් මාට්ටු ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කර කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිතා කර හිංසනයට ලක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ,පරිගණක අපරාධ කොට්ඨාසය, සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි. 10 May 2023
බස් - බවුසර් ගැටී තුනක් රෝහලට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල රදාවඩුන්න ප්‍රදේශයේ බවුසර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය කියයි. 10 May 2023
රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුර මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති. 10 May 2023
දුඹුරු සීනි සිද්ධියේ වන්දි ගෙවා අවසන් දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. 10 May 2023
විදේශ අමාත්‍යාංශයේ කොන්සුලර් අංශ පරිගණක පද්ධතිය බිඳවැටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය කියයි. 10 May 2023
දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කරයි දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය ගමන් වාර 11 ක් ඇතුළුව ගමන් වාර 40 කට ආසන්න සංඛ්‍යාවක් අද (10) දිනයේ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 May 2023
දේශීය ආදායම් පනත බලාත්මක වේ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා සිය සහතිකය සටහන් කළේය. 10 May 2023
මේසන් බාස්ගේ අනියම් බිරියල ගේ බෙල්ල කැපූ බිරිය රිමාන්ඩ් මීගොඩ වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද දින නියෝග කළාය. 10 May 2023
ප්‍රාදේශීය රෝහල් රැසක් වැසීයෑමේ අවදානමක රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරු 350 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජූනි මස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 May 2023
විත්තියේ විරෝධය නොතකා ජොන්ස්ටන්ගේ නඩුව අහයි වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාග කිරීමට අද (10) තීරණය කළේය. 10 May 2023
වන්දි සීමා ගිවිසුම් අත්සන් කළ රටක ගිහින් නඩු දැම්මේ ඇයි? සමුද්‍ර හානියක වන්දි ඉල්ලීමේදී සීමා පැනවීමෙි ගිවිසුමකට අත්සන් කරන ලද රටක එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩු පැවරූයේ ඇයි දැයි තමාට හිතා ගන්නට බැරි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 May 2023
‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධියෙන් වූ හානියට ශ්‍රී ලංකාවේදී නඩු පවරන ලෙස සහ පරිසර ඝාතකයින් හෙළි කරන ලෙස ඉල්ලමින් එස්.වයි.යූ, පරිසර සහ සිවිල් සංවිධාන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අසළදී අද (10) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 10 May 2023
ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාවක් දූෂණ චෝදනා ලබා සිටින්නේ යැයි කියන නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත්කිරීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවලින් අද (10) ප්‍රවේශපත් නිකුත් නොකළේය. 10 May 2023
කළුතර සිද්ධියේ සැකකරු රඳවාගන්න අවසර කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර දුන්නාය. 10 May 2023
පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා රැළි පැවැත්වෙයි. විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. 10 May 2023
මන්නාරමේ දරුවන්ට විශේෂ ආරක්ෂාවක් මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත. 10 May 2023
දෙකහමාරේ දැරිය ළිඳට බිලි යාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට වැටී අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි ඉලවාලෙයි පොලීසිය පවසයි. 10 May 2023
’’එක්ස්ප්‍රස් පර්ල්’’ විවාදයේදී විජයදාස-තුෂාර හැප්පෙති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් අතර ඇති වූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (10) පෙරවරුවේ ඇතිවිය. 10 May 2023
කන්නේ එක වේලයි:පාසල් ගමන නවතී: තනියට ආච්චි අම්මා පමණයි අගහිඟකම් නිසා පාසල් ගමන නැවතී සිටින දරුවන් පස් දෙනකු ඇතුළු පවුලක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයෙන් දිවිල්ල වත්තේගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ. 10 May 2023
බලංගොඩ තවත් අයෙක් අතුරුදන් බලංගොඩ සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු පෙරේදා (08) උදෑසන සිට අතුරුදහන් වී ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි. 10 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026