(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ප්‍රදීප් කුමාර)

තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරී යැයි කියමින් 500 ක පමණ පිරිසක් අච්චුවේලි  ප්‍රදේශයේ පිහිටි තරුණයෙකුගේ නිවසක් වටලා පහර දෙමින් සිටියදී එම තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි පොලිස් උප  පොලිස් පරීක්ෂකවරයෙකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළව කාන්තාවන් ඇතුළු ඇතුළු පුද්ගලයින් තිස් එක් දෙනෙකු අච්චුවේලී පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද(30) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.