(යොහාන් භාසුර)
‘ජයභූමි පදනම’ නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පැවසීය.
එම ආයතනයේ ප්‍රධාන සැකකරු පොරොන්දු රැකියා නොලද තැනැත්තන්හට වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි තුනට අධික වන අතර මෙම නීතිවිරෝධි ක්‍රියාවට අදාළව කාර්යාංශය මගහරිමින් සිටින ලබන පුද්ගලයා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය කීය.
වහාම ක්‍රියාත්මක වූ කාර්යාංශ නිළධාරීන් රාජගිරිය, ‘ජනජය සිටි’ ගොඩනැගිල්ලේ වංචනික අයුරින් පවත්වාගෙන යනු ලැබූ ආයතනය වැටලූ බවත් එහිදී රැකියා අපේක්ෂිතයින් 636 දෙනෙකුට අදාල ලිපිගොනු භාරයට ගත් බවත් එම කාර්යංශය පවසයි.
වැඩිදුර විමර්ශනයේදී ප්‍රධාන සැකකරු වශයෙන් පුද්ගලයෙක් හඳුනාගෙන ඇති අතර වසර තුනට අධික කාලයක් තිස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් ඔහු ඇමරිකාවේ වීසා අයදුම් කිරිම සදහා පුද්ගලයින් 400ක ගෙන් පමණ අයදුම්කරුවෙකුගෙන් රුපියල් 75,000 බැගින් වූ මුදලක් අයකර ඇති බවත් කාර්යංශය සඳහන් කළේය.
මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතා ඇතුළු රවීන්ද්‍ර අබේපාල, එම්.කේ සුමනවීර, ඉදුනිල් පුෂ්පකුමාර, සංජීව ධර්මසිරි සහ අයි.සී. ජානකි යන නිරීධාරීහූ එක්වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකාවේ රැකියා පෙන්නා මුදල් ගරලා