(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යාබද ඉඩමේ තිබී ඇහුලු බව පවසමින් පිස්තෝලයක් සහ ජිව උණ්ඩ 24 අඩංගු මැගසිනයක් මොරටුව පොලිසිය වෙත භාරදී ඇතැයි ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස භාරදී ඇත්තේ චෙකොස්ලොවැකියාවේ රටේ නිෂ්පාදිත එන් 146338 දරණ මොඩල් 75 වර්ගයේ පිස්තෝලයක් හා නයින් එම් එම් වර්ගයේ ජිව උන්ඩ 24 ක් සහිත මැගසිනයක් ය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසට යාබද හිස් ඉඩමේ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ මෙන්ම මැගසිනයක තිබු බව පොලිස් අධිකාරීවරයා පවසා ඇත.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මිත්‍රයකු මාර්ගයේ ගමන් කරමින් සිටියදී තරුණයන් පිරිසකගේ දුරකථන ඇමතුමට සවන් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථනය හරහා දැනුම් දීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගිනි අවිය සහ ජීව උණ්ඩ සහිත මැගසිනය හමුවී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලස්සනට කතාව ගොතලා තියෙනවා. පොලිසියෙන් දෙන තෑගි ගන්න පොලිස් ලොක්කෝම වැඩ පටන් අරන්...
මෙන්ටල් ලොක්කො, වෙන කවුරුහරි හරිනම් ඒ් මිනිහගාව තියාගන්නව සැලියුට් සර්.
මෙන්න පොලීසයේ නම් ගෙනියන්න වැඩ කාරයො. ජය වේවා ඒතුමට.