(ඉන්දිකා රාමනායක)
පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග කියයි.
එම නිල කාමරයේ ගෘහ භාණ්ඩ හැර සෙසු සියලු භාණ්ඩ ඉකුත් 27 වැනි දා සිටම ඉවත්කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස්පති ඉකුත් 26 වැනි දා සිට සිය කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබාදීමට පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිනිස්සු, මෙයාගෙන් පස්සේ එන එක්කෙනා නම් දුම්මල ගහලාවත් එළවන්න බැරිවෙයි...
වැටත්, නියරත් ගොයම් කා නම් ...
අකුලගෙන ගියා කියන්නේ රජයේ ඔෆිස් එකක තිබුණු බඩුනම් ඒවා රජයේ දේවල් නේද? එහෙනම් එයා භාණ්ඩ බාරදීමක් කරලා නැහැ... එතකොට ඔහුට විශ්‍රාම වැටුප් සකසන්න බැහැ. එහෙම තියෙද්දී විශ්‍රාම ගෙව්වොත් වැරැදියි...