(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,928 සිට රුපියල් 21,467 ක් දක්වා ද, ලියාපදිංචිය නැවත අලුත් කිරීමට රුපියල් 3,774 ක්ව පැවැති ගාස්තුව රුපියල් 4,483 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.
විදේශ රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව රුපියල් 58,974 සිට රුපියල් 117,949 ක් දක්වා ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයපියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විරුවන්ට සහන දෙනෝ මදි නොකියන්න....
රට යන අයට සහනයක් නෑ. විසිට් වීසා යන එක අහන්න දෙයක්ද? අසරණ මිනිස්සු...
ඔන්න රට විරුවාට ලැබුණු අලුත්ම සහනය...