(තිස්ස කොටින්කඩුව)

උදරයේ අබාධායක් සඳහා ප්‍රථිකාර  ගැනීමට රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් බව කියන එන්නතකින් පසු ඇති වූ අසාත්මිකතාවයකින් මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පලිහවඩන ආරචිචිගේ හංසිකා සජානි පෙරේරා නැමති ජාඇල උතුරු බටගම පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක සේවයකරණ ගනකාධිකාරි වරයෙකුගේ බිරිදකි.

හදිසි මරණ පරීක්ෂකඑස්.පී.ඩී.එන්.සේනානන්ද මහතා ඉදිරියේ රාගම ශික්ෂණ රෝහලේදි හදිසි මරණ පරික්ෂණය පැවැත්වීය.

කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් විම නිසා එයට ප්‍රථිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බව, හදිසි මරණ පරික්ෂක වරයාගේ නියෝගය මත මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි.පොලොන්වල මහතා මෙහිදි නිගමනය කර සිටියේය.