IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අස්වැසුම දෙද්දී අසාධාරණකම් එපා

(අංජුල මහික වීරරත්න)

කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

රජය විසින් නිකුත් කර ඇති නිර්නායක මත කටයුතු කරන ලෙස ද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් නිකුත් කර තිබේ.

“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබී ඇති අතර, සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක් තෝරාගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මේ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්ව මිලියන දෙකක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරිණි.

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙලේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත්, මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා අවස්ථාව ලබා දී ඇත.

එසේම සමාජ සුබසාධක ප්‍රතිලාභ නොලැබිය යුතු පාර්ශ්වයන්ගේ විස්තර මේ වන විට ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනයේ සඳහන් නම් ඒ සම්බන්ධව නිර්නාමිකව හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

එහිදී අභියාචනා ඉදිරිපත් කිරීම මෙන්ම විරෝධතා දැක්වීම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මහජන ආධාර වැඩසටහන් වන වැඩිහිටි දීමනා ලබන 456,806ක්, වකුගඩු රෝගී දීමනා ලබන 19,496ක්, ආබාධිත දීමනා ලබන 46,857ක් ලෙස 523,159ක් සඳහා දීමනා ගෙවීමට අදාළ නාම ලේඛනය එළැඹෙන සතියේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන් සඳහා මෙන්ම මෙම වැඩසටහනට අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව අවස්ථාව සලසා දෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (3)

අස්වැසුම දෙද්දී අසාධාරණකම් එපා

ඒකනායක Thursday, 29 June 2023 08:07 PM

මිලියන 3.3 අතරේ ආදායම් බදු ගෙවීමට අවශ්‍ය පොහොට්ටු සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපිට පෝරම් පුරවන්න බැරි නිසා තොරතුරු දෙන්න බැහැ...!

:       0       0

sam Thursday, 29 June 2023 08:43 PM

අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්න පුද්ගලයින් වයස අවුරුදු 18 - 45 අතර සියලු දෙනාට ( කාන්තා පිරිමි) අස්වැසුම ප්‍රතිලාභ අතරතුර පුහුණුවක් ලබාදී රැකියාවන් වෙත යොමු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ...

:       0       0

Nimal Friday, 30 June 2023 04:13 PM

ඇත්තටම අස්වැසුම දෙනකොට තමයි අසාධාරණය තේරෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site