IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

අරක්කු පානය කිරීම නිසා වෙරි මර මරගාතේ කතාබහ කිරීමට නොහැකිව සිහි විකල් තත්ත්වයක පසුවූ බව කියන එක් සිසුවකු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදැයි පොලීසිය පවසයි.

අනිත් සිසුවා, ඔහුගේ මව්පියන් පොලිසියට කැඳවා භාරදී තිබේ.

පොලිස් භාරයට ගන්නා ලද එක් සිසුවෙක් ගම්පහ ප්‍රදේශයේ ද අනිත් සිසුවා නිට්ටඹුව ප්‍රදේශයේ ද ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන අය වෙති.

පොලිස් භාරයට ගන්නා විට එක් සිසුවෙකු පාසල් නිල ඇඳුමෙන් සැරසී සිට ඇති අතර අනෙක් සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිට ඇතැයි කියති.

මත්පැන් අළෙවි සැලකින් මොවුන් දෙදෙනා අරක්කු මිල දී ගෙන පානය කර ඇති බවද දැන ගැනීමට ඇත.

 



අදහස් (2)

වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට

රට පෙරට Thursday, 29 June 2023 08:05 PM

පාසල් දරුවන්ට මත්පැන් විකුණන අරක්කු කඩවල බලපත්‍රය අවලංගු කරන්න බැරිද? බැරි නැහැ ඒත් ඒවා රට කන දේශපාලුවන්ගේ නිසා බැහැ... එහෙම නේද?

:       0       0

පැරකුම් Friday, 30 June 2023 04:29 PM

ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුවදුව කරනවාලු…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site