(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බියගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයකු අත රැඳි ටී 56 ගිනි අවියකa පත්තු වී පොලිස් සැරයන්වරයකුගේ පාදයකට හා අතකට තුවා සිදුව ඇතැයි පොලිසිය කියයි.
පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි සඳහා පිටව යාමටපෙර චෝදනා ගාරය තුළදී ටී 56 ගිනි අවියක් ලබාගෙන ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමට යාමේදී අත්වැරදීමකින්; ක්‍රියාත්මක වී උන්ඩ තුනක් පිට වී ගොස් ආරක්ෂක පෙට්ටිය ද සිදුරු කර පරිගණක කාමරයේ සිටි පොලිස් සැරයන්වරයකුගේ ශරීරයේ වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරය සැරයන්වරයාගේ වම් අතට සහ වම් කකුලට වැදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය. වෙඩි වැදීමෙන් ආරක්ෂක පෙට්ටියට ද අලාභ සිදු වී ඇත.
සැරයන්වරයා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බව එම නිලධාරියා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලට