IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පුංචි සභාවල කම්කරුවන්ට සුබ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතනවල කම්කරුවන් 10,355 දෙනකුගේ සේවය ස්ථිර කිරීමට තීරණය කර ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මෙම පිරිසට අනියම් කොන්ත්‍රාත් සහ  ආදේශක කම්කරුවන් ඇතුළත් වන බවත්  පිරිස  ස්ථිර කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

තමන්ගේ සේවය ස්ථිර කරන්නැයි  එම අනියම් කම්කරුවෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයෙන් ඉල්ලීම් කළහ.

පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති තත්වය යටතේ මෙම අනියම් කම්කරුවන්ගෙන් සිදුවන සේවය සැලකිල්ලට ගෙන ඔවුන් මෙලෙස  ස්ථිර කිරීමට පියවර ගන්නා බව ජානක වක්කුඹුර මහතා  වැඩිදුරටත් පැවසීය.

රට පුරා පළාත් පාලන ආයතන 330 ක්‍රියාත්මක වේ. මහනගර  සභා 18 ක්,නගරසභාව 42ක් සහ ප්‍රාදේශීය සභා 270 ක්  ඊට ඇතුළත්ය.



අදහස් (0)

පුංචි සභාවල කම්කරුවන්ට සුබ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site