(යාපනය ප්‍රදීප් කුමාර )

යාපනය අරාලි වඩුක්කොට්ටේයි මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි  සිදු වූ අනතුරින් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි යාපනය පොලීසිය සදහන් කරයි.

වයස අවුරුදු 39 ක් පමණ වන මහේෂ්වරන් මයුරන් නැමති අයෙකු හා ජයසුන්දරම් සරෝජන් නැමති 29 හැවරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වේගයෙන් පැමිණි යතුරු පැදි දෙක මහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.