IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තෙල්දෙණියේ මහා වාහන කොල්ලය

(ෂේන් සෙනෙවිරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි.

කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.

  වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.

ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය සඳහන් කරයි.

කොල්ලකරුවන් සොයා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් යොදා ඊයේ විශේෂ සෝදිසියක් ද සිදුකළ බව පොලිසිය කියයි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය සහ වත්තේගම පොලිසිය ඒකාබද්ධව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

තෙල්දෙණියේ මහා වාහන කොල්ලය

Samitha Senaka Aluthgamage. Friday, 30 June 2023 07:17 AM

පොලීසිය මේ හොරකම හා සම්බන්ධ හොරුන් හා වාහන අල්ලා ගැනීමට කටයුතු කිරීම ගැන ස්තුතියි. ඒත් දේශපාලනඥයින් ආරක්ෂාවට පොදි බැඳගෙන ඉන්නා පොලිස් නිලධාරීන් අඩුකොට ඔවුන් රටේ ජනතාවගේ ආරක්ෂාවට යෙදවීමට ටිරාන් අලස් ඇමැතිවරයා හා පොලිස්පතිවරයා දැනගත යුතුයි. රජයේ වාහන එක්දහස් ගණනක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්ති පලවී ඇති බව දුටුවා. ඒ ගැන ටිරාන් අලස් මහතා හා පොලිස්පතිතුමා ගත් පියවර රටට හෙලිකිරීම වැදගත්...

:       0       2

bandara Friday, 30 June 2023 01:09 PM

මෙච්චර ලොකු මන්කොල්ලයක් කරනවනම් අනිවාර්යෙන්ම පොහොට්ටුවට සම්බන්දයක් ඇති මේ මන්කොල්ලය කරපු කෙනා

:       0       3

නිහාල් Friday, 30 June 2023 01:47 PM

මංකොල්ල නම් පොහොට්ටු.. පොහොට්ටු නම් මංකොල්ල...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site