(ටී.කේ.ජී.කපිල)
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු "ඉලුෂියන් " වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 11.30ට පැමිණ තිබුණි .
මුතු රාජා ඇතා දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලාඅද (01) මධ්‍යම රාත්‍රී 12.00 පිටත් වීමට නියමිතය .
මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) අලුයම 03.00 ට පමණ පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමෙන් ගිහින් එන්න...
ඩෑන්, මචන් කටුනායක වටලපන්. පිනට කාලා නිදියන්න එපා බන්. අන්න ජාතික අභිමානේ හෑල්ලූවට ලක්වෙලා...
මේ රටේවන් කෘෘර මිනිසුන් නැවත මුණ නොගැසේවා..!
පන්සල්වල කෲරත්වය ලොවටම හෙලිවුනා නේද? මහානායක උන්නාන්සේලාට තවම තම අඩුපාඩුව තේරෙන්නේ නැතිව ඇති වගේ... ඒ වගේ අපේ ඇඟපුරා ධර්මිෂ්ඨකම තියන හොර බෞද්ධයින්ට?
ආයුබෝවන් ආයි එන්න එපා...!