IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සංක්‍රමණිකයන් රුවන්ඩාවට යැවීමට විරුද්ධයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍යයට සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන ඇතැම් සංක්‍රමණිකයන් රුවන්ඩාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය නීත්‍යානුකුල නොවන බව බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය තීන්දු කළේය.

මානුෂීය සීමා අභිබවා යමින් බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මතභේදාත්මක සංක්‍රමණ ප්‍රතිපත්තියට නිසි පිළිතුරක්  අභියාචනාධිකරණ තීන්දුවෙන් ලැබී තිබෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.

මීට පෙර  සරණාගතයන් පිටුවහල් කිරීම සඳහා තුන්වෙනි පාර්ශ්වයේ රටක් ලෙස රුවන්ඩාව සලකා බැලීම ආරක්‍ෂිත බව බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර තිබිණ.ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව මගින් මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව බල රහිත කර තිබේ.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව පවතී.

බ්‍රිතාන්‍යයට නීති විරෝධීව පැමිණ සරණාගතභාවය අපේක්ෂා කරන්නන් අප්‍රිකා රටකට පිටුවහල් කිරීමට එරට රජය යෝජනාවක් ඉදිරිපත් කළේය.



අදහස් (0)

සංක්‍රමණිකයන් රුවන්ඩාවට යැවීමට විරුද්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site