(අජන්ත කුමාර අගලකඩ)
තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි.
රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය.
සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම කීවේය.
තේ කර්මාන්තය පවත්වාගෙන යාමට එය බරපතළ ගැටලුවක් වී ඇතැයි කියති.
රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එහෙම වුණාම කර්මාන්ත ශාලා පමණක් නොවෙයි, තේ වගා කරන කුඩා තේ ඉඩම් හිමියෝත් ඉතාමත් අසරණ වෙනවා. ඔවුන්ටත් අස්වැසුම දෙනවා නම් හොඳයි. මොකද සමහරක් ව්‍යාපාර කරන ඉහළම ආදායම් ලබන පොහොට්ටු සාමාජිකයින් සඳහාත් අස්වැසුම දීමට සූදානම් කරලා තියෙනවා....
100%ක් ඇත්ත... පවතින ඉහළ වියදම නිසා කර්මාන්ත ශාලා වැසෙන තත්වයකට පත්වී ඇත.. කුඩා වතු හිමියන් තේ දළු නොකඩයි. තේ මණ්ඩලේ අය වැඩක් නැත. මේ වැදගත් ලිපිය පලකිරීම පිළිබඳව ලංකාදීප පුවත්පතට ස්තුතියි..!.
විදේශ විනිමය ඉපැයීම් නැතුවට මොකද විවිධාකාරයෙන් සූරාගෙන ඇති හැකි අයට (ජනතා ඇස්වැසීම) අස්වැසුම දුන්නාම ඕවා ඔක්කෝම හරියාවි... ආයුබෝවන්, ඉතින් නාඩා දොයියන්න බබෝ...