
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර වශයෙන් ප්‍රශස්ත ගනුදෙනුවක් තිබෙන බවට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා හරහා රටට සුබදායී ගනුදෙනුවකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට නොහැකි වූයේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
මහ බැංකු අධිපතිවරයාම නිකුත් කළ වාර්තාව අනුව මීට වඩා ලිහිල් කොන්දේසි යටතේ මේ ගනුදෙනුව ලබාගත හැකිව තිබූ බවද විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාවගේ මුදල් පිළිබඳව තීන්දු ගැනීමට ඉදිරිපත්ව සිටින්නේ ජනතාවගේ මුදල් ගසා කෑ සහ අවභාවිතා කළ ආයතන විසින් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
අද ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන කතා කරන්නට සිදුව ඇත්තේ පොහොට්ටු ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා බව ද විපක්ෂ නායකවරයා පැවසීය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පුහාමි ඔහේ කටින් බතල කොළ හිටවනවා මිසක නිර්මාණශීලි වැඩක් කළේ කවද්ද? අහිමිවුණු ජනපති පුටුව ගැන දුකට ඔහේ මොනවා හරි කියවමින් ඉන්නවා වින වෙන මොනවා කරන්නද නේද? ලබන ඡන්දෙදී ඔය නිකම්ම නිකන් මාතර කෙනෙක් විතරයි. මුසිලලාට ස්වාභාවධර්මයෙනුත් දඬුවම් ලැබෙනවා.
ඔබතුමා හරියට හරි.... රට බංකොළොත් කළා... හොරකමෙන්, වංචාවෙන් රට විශාල ණය කන්දරාවකට ඇද දාලා, බංකොළොත් කළ අය සමග එකතු වෙලා ඡන්දත් කල්දාමින් එය මේ රට තවත් විනාශයකට ඇදගෙන යමින් සිටිනවා. එයා තමයි හිටපු මහ බැංකු හොරාවත් බේරලා යැව්වේ... රටේ ජනතාව විශාල අහේනියක ඉන්නේ... ඉතාම වේදනාකාරියි. කලකිරීමකින්, දුකින් ජීවිතේ ගෙනියන්නේ...!
කරන්න පුළුවන් හොඳම විකල්පයට ගිහින් තියෙනවා... මෙයා හිටියා නම් රට වලපල්ලටම ගිහිල්ලා නතර වෙන්න තිබුණා...
ඔබ කළින් කිව්වා නම් IMF එකට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඇයි ඔබ ප්‍රමාද වුණේ...?
මිනිහා ලෝකේ එක්ක විතරයි යාලු, ලංකාවේ මිනිස්සු එක්ක නෙමෙයි...
අපරාදේ ඇයිද දන්නේ නැහැ... මොහුගෙන් ඇහැව්වේ නැත්තේ? ගිවිසුම් ගතවෙන්න කළින්.