IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කැසිනෝ කෝටිපතියන් දෙදෙනකුගෙන් කෝටි 44ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනකු රුපියල් කෝටි 44 ක බදු මුදලක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට  ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ඔට්ටු හා සූදු බදු පනත අනුව රුපියල් කෝටි 20ක වාර්ෂික බද්දක් රජයට ගෙවිය යුතු වෙයි.

කැසිනෝ ව්‍යාපාරවලට  නියම කෙරුණු  රුපියල් කෝටි එකසිය පනස් පහකට වැඩි දඩ මුදල් ප්‍රමාණයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අය කරගෙන නැතැයිද  එහි සඳහන් වේ.

කැසිනෝ ආයතනයකට ඇතුළු වන සෑම පුද්ගලයකු මෙන්ම ඇමරිකානු ඩොලර් 50 ක මුදලක් කැසිනෝ ඇතුළු වීමේ බද්ද ලෙස අයකර ගැනීමට අයවැය මගින් යෝජනා කර ඇතත් මෙම බද්ද අය කර ගැනීමට දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමට අදාළ ආදායම් පරිපාලන කළමනාකරණ කළමනාකරණ තොරතුරු පද්ධති (RAMIS) ව්‍යාපෘතියේ  කාර්ය මණ්ඩලයට වසර තුනකට වැඩි කාලයක් රුපියල් නව කෝටියක මුදලක් නිසි අවසරයකින් තොරව ගෙවා ඇතැයිද  එම වාර්තාවේ  සඳහන් වේ.

මෙම කාර්ය මණ්ඩලය පවත්වා ගැනීම සඳහා  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබුණේ  2019 වර්ෂයේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවද  වාර්තාවේ දැක්වේ.

මේ අතර රාජකාරි සදහා නිවාඩු අනුමත කරගෙන තිබූ නිලධාරීන් සිවු දෙනෙකුට එම නිවාඩු කාල පරිච්ඡේදයන් සඳහාද( රැමිස් ව්‍යාපෘතිය යටතේ)
දීමනා ගෙවා තිබූ බව විගණන  කාර්යාලය පවසයි.

එසේම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගිය නිලධාරීන් දෙදෙනෙකුට එසේ ඉවත්වීමෙන්  පසුවද දීමනා ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඉහත අඩුපාඩු සිදුව ඇතැයිද  සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 කාර්ය සාධන  වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.



අදහස් (1)

කැසිනෝ කෝටිපතියන් දෙදෙනකුගෙන් කෝටි 44ක පොල්ලක්

පැරකුම් Saturday, 01 July 2023 04:48 PM

මේ ගොල්ලෝ නිකං බොරුවට ජනතාව කුලප්පු කරනවා විතරයි. කවදාවත් වැඩක් වෙන්නේ නෑ. අපි ගෙවන බදු මුදල් නාස්ති කරනවා. කවද්ද වැඩක් කළේ…?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site