(විමුක්ති එස් රුද්‍රිගු)
අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇත.
මෙම මෝටර් රථය සියයට 100 ක් විද්‍යුත් මෝටර් රථයක් වන අතර එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැක.මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් (ශ්‍රී ලංකා මුදලින් 92643480)පමණ වේ.මාර්ග තදබදය සහ අනතුරු මග හරිමින් පියාසර කිරීමට මෙම මෝටර් රථයට හැකියාව තිබේ.
තම මෝටර් රථයට පියාසර කිරීම සඳහා යෝග්‍යතා සහතිකයක් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සියෙන් ලැබුණු බව අලෙෆ් එරොනොටික්ස් සමාගම ප්‍රකාශ කර ඇත.මෙවැනි මෝටර් රථයක් සඳහා ඇමෙරිකානු රජය අවසර දුන් ප්‍රථම අවස්ථාවද මෙය වේ.මෙම විශේෂ පියාසර කිරීමේ යෝග්‍යතා සහතිකය මගින් මෝටර් රථයට පියාසර කිරීමට අවසර ලබා දී ඇතත් පියාසර කළ හැකි ස්ථාන සහ අවස්ථා සීමිත කර ඇත.
අලෙෆ් එරොනොටික්ස් සමාගම 2025 වසරේ අවසානයේ සිට මෙම මෝටර් රථය මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පියාසර කරන මෝටර් රථය සඳහා අනුමැතිය
Nimal Saturday, 01 July 2023 12:53 PM
නාමල් බබීටයි, චිචීටයි දෙකක් හම්බවෙයි ටික කාලෙකින්...
Dharmatileke Saturday, 01 July 2023 01:06 PM
දින කීපයකට පෙර සිදුවූ සබ්මැරීන් අනතුරෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ පේන්නේ. ඇමෙරිකානුවෝ ඒ රටේ මිනිස්සුන්ව විනාශ කරන්න බොහෝම දක්ෂයි.
DasunSaturday, 01 July 2023 04:47 PM
මිනිස් වර්ගයා දියුණු වුනේ ඔහොමයි...
pakeer Saturday, 01 July 2023 07:58 PM
ඔන්න ඔහොම ලෝකෙ අනිත් මිනිස්සු දියුණු වෙනකොට පුතේ... අපේ ලංකාවේ අය ඌරො වගේ, බූරුවන් වගේ, මේ මඩවලේ මඩ නාගෙන ජරාව කකා... ජාතිය ගැනයි, ආගම ගැනයි, ඉතිහාසය ගැනයි පම්පෝරි ගගහා, අනුන්ගේ දේවල් හොරා කකා බූරුවන් වගේ වැඩ කරකර... බල්ලන් රැළක් වගේ උඩු බිරුවලු...