(යසන්ත ආරියසේන, ඉන්දිකා රාමනායක සහ සුගතපාල දීයගහගේ)

දකුණු පළාත තුළ අපරාධ සිදුකරන "රොටඹ රසික" නැමැත්තාගේ ගෝලයන් සිවුදෙනකු විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය සිදු කළ මෙහෙයුමකදී ඒ,කේ 47 වර්ගයේ ගිනි අවියක්, පිස්තොලයක් සමග දෙයියන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

දැනට බන්ධනාගාර  ගතව සිටින රොටඹ රසික නමැත්තා මාකදුරේ මධුෂ් නමැත්තා ගේ ප්‍රධානම ගෝලයකු වශයෙන් කටයුතු කර ඇතැයි විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

මුලටියන, දෙයියන්දර , මාවරල ප්‍රදේශවල සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ වතුකොළයාය කඳවුරේ භට කණ්ඩායමක් මුලටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් වැඩි දුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව සෙසු සැකකරුවන් ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන ඇත.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂාකිරීම සිදුකළහ.