(නිමල කොඩිතුවක්කු)

රුපියල් කෝටි ගණනක ජනතා මුදලක් නිකරුනේ වැයකර පාර්ලිමේන්තුව රැස්කර මූල්‍ය බලය පිළිබඳ තීරණ සීමාවකින් තොරව ජනාධිපතිවරයාට ගැනීමට අවසර දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

එදා වේල සොයා ගැනීමට නොහැකිව ජනතාව අන්ත අසරණව සිටින අවස්ථාවක ජනතාවට පටි තදකරගන්නැයි උපදෙස් දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිකරුණේ ජනතා මුදල් නාස්ති කිරීම පිළිබඳ කණගාටු වන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නිෂේධ කර එහි බලතල පවරා ගෙන බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක නිරත වන බවත් කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රහුමාන් මහතා පැවසීය.