(යොහාන් භාසුර)
වසර ගණනාවක් ආදායම් බලපත්‍රය නොගැනීම නිසා පාවිච්චි නොකර ගාල්කර ඇති පැරණි වාහනවලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
නැවත ලියාපදිංචි කිරීම සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවීම නිසා ඇතැම් වාහන ද පාවිච්චි නොකර ගාල්කර ඇති බව කී වීරසිංහ මහතා ඒ අනුව ලියාපදිංචිය අලුත් කිරීමට සහනයක් දීමට යෝජනා වී ඇති බව ද සඳහන් කළේය.
මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිත බව ද නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd