
(බිමල් ජයසිංහ ජයසිංහ)
ජනප්‍රිය ගායක බයිලා ගායකයකු ඇතුළු පිරිසක් පානදුර පාලම අසල ආපන ශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් එහි සේවකයන් දෙදෙනකුට පහර දී දේපලවලට ද අලාභානි සිදු කළැයි පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
ගායකයා ඇතුළු පස් දෙනකුගෙන් යුත් පිරිස එම ආපන ශාලාවට රාත්‍රී 11.20 ට පමණ පැමිණ පරාටා සහ කොත්තු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි බිල නොගෙවා පිටව යාමට සැරසීමත් සමගම සේවකයන් එයට විරුද්ධ වී තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එම ගායකයා "උඹලා දැන් නැද්ද යකෝ ------ කියලා" යනුවෙන් ආවේගශීලිව හැසිරී ඇති අතර ඔහු සමග සිටි පිරිස වේටර්වරයකුට සහ මුදල් අයකැමිවරයාට පහරදී අනතුරුව ප්ලාස්ටික් පුටු හෝටල් හිමිකරුට සහ සේවකයන් පහර දී විකිණීමට තිබූ වතුර බෝතල් රැසකට අලාභානි සිදු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
එම පිරිස පරාටා විස්සක් , උම්බලකඩ සම්බෝලයක් , කුකුල් මස් , කිරි හා පරිප්පු ආහාරයට ගෙන ඇති අතර ද පැණි බීම බෝතල් දෙකක් ද පානය කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ සඳහා රුපියල් 1650/= බිල ගෙවන ලෙස දැනුම් දී ඇති අතර එම පිරිසක් ආපනශාලාවේ ඉදිරිපිටට ගොස් නැවත පැමිණ ආපන ශාලාවේ හිමිකරු සහ සේවකයන් සමඟ බහින්බස් වී සේවකයන්ට පහර දී දේපළ වලට අලාභ හානි සිදුකර ඇත.
එම පහර දීමෙන් සේවකයන් දෙදෙනකු සුළු තුවාල සිදු වී ඇති අතර ප්ලාස්ටික් පුටු හතරකට සහ විශාල ප්‍රමාණයේ වතුර බෝතල් 12 කට අලාභ සිදු වී ඇතැයි හිමිකරු පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලගෙ කරේ, රන්මාල පැළැන්දුවට ඔවුන්ගේ ගතිය අරින්න බැරිය...!
ඔච්ච්ර කෑම ගොඩක් 1650/- කට කන්න පුළුවන්ද?
පිටරටකට ආවාම බලන්න ඕනෑ සමහර අයගේ හැසිරීම්... සමහර උදවියට ලංකාවේ කලාකාරයින් කියන්න ලැජ්ජයි. ප්‍රසංගවලට කියලා සමහර කලාකාරියන් එනවා. පිටරට කාගේ හරි පවුලක් කඩලා හරි නවතින්න බලනවා. නිළියන්ගේ අලුත්ම රැල්ල පිටරට සංචාර කියා ඇවිත් සයිඩ් බිස්නස් කරගෙන යන එක. කලාව කියා දෙයක් ලංකාවේ නැහැ. ඇත්තේ මුලාව පමණයි.
බයිලා තමයි...!
වැදගත් මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නැහැ...
සිද්ධිය ඇත්ත නම් ඔය කියන ගායකයාගේ නම කියන්න... බොහෝදෙනෙක් ඔහුගෙන් ප්‍රවේශම් වෙනවා කියලා තේරුම් ගන්න බැරිද? ලංකාවේ වෙන්නම හොරු, මංකොල්ලකාරයෝ රැකීම පමණක් කියලා හිතෙනවා...
බයිලා සමන්ද ?
මොකෙක්ද මේ ? අදයි මුගේ නමත් ඇහුවේ . මෝඩ බයියෙක් වෙන්න ඇති අනිවාරෙන්
මොන හිගන්නෙක්ද මෙ. නැගපන්කො ස්ටෙජ් එකකට ගල් වරුසාවක් දෙන්න.
ප්‍රථමයෙන්ම, මේ පුවත මාධ්‍ය ආචාර ධර්ම සදාචාරය රකිමින්, අධිකරණයේ මතය හා තීන්දුව ප්‍රකාශයට පත්කරනතුරු කීර්තිය හානි නොවනසේ පළකල ලංකාදීප පුවත්පතට හා එම මාධ්‍ය අංශවලට අපගේ ප්‍රණාමය...!!! එහෙත්, ඉහත කී කිසිඳු ආචාර ධර්ම හෝ කිසිඳු සදාචාරයක් නොමැතිව මේ පුවත භුමිය හා සම්බන්ධ නමක් ඇති පක්ෂග්‍රාහී රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වුණා. මෙවැනි නාලිකා නිසා මිනිසුන්ගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පුදුමය වන්නේ, නයි පුවත් මවමින් බොරුව ජනගත කිරීම සිදුකළ මේ නාලිකාවේ අය පාසල් ළමුන් හට මාධ්‍ය ඉගැන්වීමේ වැඩමුළු පැවැත්වීමයි...
එල සමනා එල...!
දැනට ඉතිරිවෙලා තියෙන්නේ තණ නිල්ල දිගේ විතරමයි නේද…?
විනයගරුක රසික සමාජය පිළිකුලෙන් හෙලා දකින බොහොම අශිෂ්ට ක්‍රියාවක්.ශරීරය පුරාවටම අසූචි තවරා ගත්තා වගේ වැඩක්.ආපු පිරිසෙන් හොඳ එකෙක්වත් ඉඳලා නැතිද එය වලක්වන්න උත්සාහ කරපු .වේදිකාවකට ගොඩවෙන්නේ කොහොමද මෙහෙම දේවල් කරලා