(යොහාන් භාසුර)

වත්මන් පාලකයන් රට පරිහානියට පත්කරමින් සිටින අතර රට හිඟාකන තත්වයට පත්වෙන නායකයො පිරිසක් පත්ව සිටින බවත් කොළඹ වරාය දික්ඕවිට දක්වා දික්කරන්නේ යැයි ජනාධිපතිතුමා පැවසුව ද ඒවා කළ නොහැකි සිහින පමණක් බවත්  මැල්කම් කාදිනල් රංජීත් කොළඹ අගරදගුරු තුමෝ  අද (2) පැවසූහ.

වර්තමාන පාලකයන්ට දැන් තියෙන වාරායවත් පාලනය කිරීමට නොහැකි නිසා එක එක රටවල්වලට විකුණන බව කී කොළඹ අගරදගුරුතුමෝ ඔවුන්ගේ ඉලක්කය සමස්ත පමුණුගම තීරයම පිටරටින්ට විකුණලා ඒවායෙන් කාලා බීලා ජොලි කර ඔවුන් මැරීගිය පසුව රටේ මිනිසුන්ට රොඩු පමණක් ඉතිරි වන බව ද සඳහන් කළහ.

මෙහෙම ගියොත් 2048 ක් වන විට රට විනාශ වන බවත් ජනාධිපතිතුමා ජනතාවට බොරු සිහින නොදිය යුතු බවත්  අගරදගුරුතුමෝ වැඩි දුරටත් සඳහන් කළහ.