(ඉන්දිකා රාමනායක)

තණමල්විල රණවරා ව ප්‍රදේශයේ පදිංචි තරුණියකගෙ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී , ඇයට අතින් පයින් පහර දී තුවාල සිදු කොට ,  සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

පහරකෑමට ලක්ව ඇත්තේ සැකකරුගේ පෙම්වතිය බව කියන තරුණියක් බවද පොලිසිය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කිලිනොච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉකුත් (1) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර කිලිනොච්චිය  සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊයේ (2)  සැකකාර කොස්තාපල් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කළ බව පොලිසිය කියයි.