(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයට ගිය ‘‘මුතු රාජා හෙවත් ‘‘සක් සුරින්‘‘ ඇත් ගොව්වන් කැටුව ලම්පාන්ග් පළාතේ අලි ඇතුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානය වෙත ගිය ගමනේදී විනාඩි 5 - 10 කට වරක් කෑම ඉල්ලා හඬා වැටුණු බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇත් ගොව්වන් සක් සුරින්ට කෙසෙල් බොඩ, උක් ගස් සහ තණකොළ ලබා දෙන විට හඬා වැටීම නවත්වා ඒවා ආහාරයට ගත් බව තායිලන්ත මාධ්‍යවේදීන් පවසා ඇත.
සක් සුරින්ව සෙවණ තිබෙන සුළං හමන ගස්වලින් වටවූ ස්ථානයක රඳවා සිටින බවත් එම ස්ථානයට පුරුදු කිරීම සඳහා සක් සුරින්ගේ පාදයක් ලණුවකින් ගැට ගසා තිබෙන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
ලේ පරීක්ෂණ කිහිපයක් මේ වන විට සිදු කර ඇති බවත් ඒවායේ වාර්තා තවත් දවස් කිහිපයකින් ලැබෙනු ඇති බවත් එම මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
දින 30 ක නිරෝධායන කාලයකින් පසුව ජනතාවට සක් සුරින් මුණ ගැසිය හැකි බව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ යක්ඛ පුත්තු සතාට කෑම ටිකක්වත් දෙන්නේ නැතිවද යවලා තියෙන්නේ?
අපේ රටේ හිටිය කාලය තුළ ඒ අසරණයාට හරිහැටි කෑමවත් ලැබිලා නැති පාටයි. ගුටිකන්න වෙන හින්දා ඉල්ලන්න නැතුව ඇති. ඒකනේ තමන්ගේ රටේ කරුණාවන්ත මිනිස්සු ළඟදී කෑම ඉල්ලලා අඬන්නේ...!
මිනිස්සුන්ට කන්න නැති කොට... රටේ සත්තු ගැන කවර කතාද? මොනවා හරි පිනකට ඇතා නැවත ගියා. ඔය වගේ හඬා වැටෙන සත්තු, පොඩි දරුවෝ කොයිතරම් ඉන්නවාද? ඒවා පාලකයින්ට ඇහෙන්නේ නැහැ. බිහිරි අලියන්ට වීනා වයනවා වගේ... ඒ බඩ කට වහන්න බැරි තරමට පිරෙනවා...
අලි බලන්නන් අලින්ට හෙන්ඩුවෙන් දස වද දෙන එක නැවත්වීමට කාලය එළඹ ඇත .සමහර අලි බලන්නන් ඉන්නේ බීමත්වයි .මුතු රාජා සම්බන්ධ කාරනාව ලංකාවට විශාල අපකීර්තියක් ගෙන දුන්නා
අලි ඇතුන් නිදහස් භූමියක් තුල ජීවත් වෙන්න සලස්වන්න ඕන .බලාගන්න සුදුසු මිනිස්සු පත්කරනවානම් වටිනවා .අනිකුත් සතුන්ටත් එසේම ඒ අයිතිය ලබා දෙනු